Image

ආන්දෝලනාත්මක IMF ගිවිසුම සංශෝධනයට රජය පියවර ගනී.!

පාර්ලිමේන්තු සභානායක අමාත්‍ය බිමල් රත්නායක මහතා පාර්ලිමේන්තුවේදී අදහස් දක්වමින් පැවසූවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් ගිවිසුමේ සංශෝධනය කළ කරුණු ඉදිරි අයවැයක් මඟින් දැනගත හැකි බවයි.

බිමල් රත්නායක මහතා මෙම අදහස් පළ කළේ ආණ්ඩුවේ ප්‍රතිපත්ති ප්‍රකාශය පිළිබඳ විවාදයට එක්වෙමිනි.

“අපි කිව්වේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ රාමුව තුළ සිටිමින් තමා ඊළඟ අවුරුදු තුනේදි අපිට කටයුතු කරන්න වෙන්නේ. ඒ ඇතුළේ අපි සංශෝධන කරන්න බලාපොරොත්තු වෙනවා. ඔව් සංශෝධන කරලා තිබෙනවා. ඔවුන් සමග සාකච්ඡා කරලා, සංශෝධන ඉදිරිපත් කරලා තියෙනවා. ඒ සංශෝධනවල කරුණු රටේ ජනතාවට අයවැය තුළින් දැනගන්න පුළුවන්. පාර්ලිමේන්තුවට තමා තිබෙන්නේ මුදල් බලය. අද්දැකීම් බහුල රනිල් වික්‍රමසිංහ හැමතැනම කිව්වා අපි බොරු කිව්වා වැට් එක අඩුකළේ නෑ කියලා. වැට් එක අඩුකරන්න ඕනේ. වැට් එක අඩුකරනවා. ඒක අඩුකරන්න පුළුවන් කාටද? ඒක මුදල් පනතක්. එතුමා අපේ අගමැතිනිට ටියුෂන් දෙන්නත් හැදුවානේ. බදු අඩුකරන්න පුළුවන් පාර්ලිමේන්තු පනතකින් විතරයි. පළමු සැලස්ම අයවැය සමග ක්‍රියාත්මක කරනවා.”

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.