Image

රනිල්ගේ සංවිධානයෙන් අනුර-සජිත් සහ අයි.එම්.එෆ් අතර ප්‍රසිද්ධ සාකච්ඡාවක්.!

රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පක්ෂයේ විශේෂ මහා සම්මේලනය අමතමින් ඊයේ පවසා සිටියේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ගිවිසුම් ගත වී ඇති කරුණු සංශෝධනය කිරීම සම්බන්ධයෙන් අදහස් දක්වන ‍ප්‍රතිවිරුද්ධ ජනාධිපති ධූර අපේක්ෂකයන් වන අනුර දිසානායක සහ සජිත් ප්‍රේමදාස ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ප්‍රසිද්ධ වීඩියෝ සාකච්ඡාවක් සිදුකර එය රටට කළ යුතු බවත් තමා විසින් තමාට එම සාකච්ඡාව සංවිධානය කර දිය හැකි බවත්ය.

ජාතික ජන බලවේගය සහ සමගි ජන බලවේග යන පක්ෂ වලට එහිදී මෙරට ආර්ථිකය පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කළ හැකි බව රනිල් වික්‍රමසිංහ මහතා පවසයි

කෙසේවෙතත් ඔහු වැඩිදුරටත් පවසන්නේ එම වීඩියෝ පටය රටට ප්‍රසිද්ධ කළහොත් මුළු රටම එදින සිට ගෑසිලින්ඩරයට ඡන්දය ලබා දෙනු ඇති බවයි.

ජනාධිපතිවරයාගේ එම යෝජනාව ජාතික පක්ෂ මහලේකම් පාලිත රංගෙ බණ්ඩාර විසින් සම්මේලනයට ඉදිරිපත් කළ අතර පක්ෂයේ ජාතික සංවිධායක සාගල රත්නායක විසින් එම යෝජනාව ස්ථිර කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.