Image

මෙවර පුනරුදයේ නිදහස් සැමරුම සැබෑ අරුතකින්.!

“ජාතික පුනරුදයට පෙළගැසෙමු”යන තේමාව යටතේ පැවැත්වෙන 77 වන නිදහස් දින සැමරම් උත්සවය ⁣පෙබරවාරි 04 වන දින නිදහස් චතුරස්‍රය පරිශ්‍රය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) උදෑසන පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය පරිපාලන අමාත්‍ය ඒ. එච්. එම්. එච්. අබේරත්න මහතා මේ බව සඳහන් කළේය.

මෙවර නිදහස් දින සැමරුම් පෙළපාලියේ සංයුතිය යම් වෙනසක් සිදුකර ඇති බව මාධ්‍ය හමුවට එක්වූ ආරක්‍ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල්  (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා සඳහන් කළේය.

ඒ අනුව මෙවර හමුදා පෙළපාලි සඳහා සහභාගීවන සාමාජිකයින් ප්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව 50%කින් පමණ අඩුකර ඇති බවද ආරක්ෂක ලේකම්වරයා පැවසීය.

එමෙන්ම මෙවර නිදහස් දින සැමරුමට ත්‍රිවිධ හමුදා සන්නද්ධ රථ යොදා නොගන්නා බව ද ආරක්ෂක ලේකම්වරයා වැඩිදුරටත් කියා සිටියේය.

මේ අතර නාවික හමුදාව විසින් සාම්ප්‍රදායික වෙඩිමුර 25ක් පැවැත්වීමට නියමිත බවත් පැවසු ආරක්ෂා ලේකම්වරයා ගිය වර භාවිත කළ ගුවන් යානා 19න් මෙවර ගුවන් යානා 3ක් පමණක් නිදහස් දින සැමරුම වෙනුවෙන් යොදාගන්නා බව සඳහන් කළේය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.