Image

ඉරානය ප්‍රතිප්‍රහාර අරඹයි

ඉරානයට සහාය දක්වන සටන්කාමී කණ්ඩායම් විසින් දැනටමත් විශාල පිරිසකට බාධා ඇති කරමින් ඊශ්‍රායලයට ප්‍රහාර එල්ල කිරීමට ආරම්භ කිරීමත් සමග ඊශ්‍රායලයේ ආරක්ෂාව අවිනිශ්චිත තත්ත්වයකට පැමිණ ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉරානය සහ හිස්බුල්ලා සටන්කාමීන්ගේ පළිගැනීමක් අපේක්ෂාවෙන් ජාත්‍යන්තර ගුවන් සමාගම් ගණනාවක් ඊශ්‍රායලයට සහ ඉන් පිටතට ගුවන් ගමන් අත්හිටුවා ඇති අතර ඒ හේතුවෙන් ඊශ්‍රායල ජාතිකයන් දස දහස් ගණනකට නිවෙස්වලට පැමිණීමට නොහැකි වී ඇත.

ඩෙල්ටා, යුනයිටඩ්, ලුෆ්තාන්සා සමූහය සහ ඒජියන් එයාර්ලයින්ස් හිස්බුල්ලා කමාන්ඩර් ෆුවාඩ් ෂුක්ර් සහ හමාස් නායකයා ඝාතනය කිරීමෙන් පසුව ඊශ්‍රායලයට සේවා අත්හිටුවා ඇති අතර ඝාතනයන්ට ප්‍රතිචාර දැක්වීම සදහා කලාපීය යුද්ධයක ආරම්භය විය හැකි බවද සදහන් කරයි.

පසුගිය සතියේ ඊශ්‍රායලය ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරිය ඝාතනය කිරීමෙන් පසු හිස්බුල්ලා සංවිධානය තර්ජනය කළ ප්‍රධාන ප්‍රතිප්‍රහාරය ලෙබනනයෙන් එල්ල වූ ප්‍රහාරය නොවන බවත් තමන් උතුරු ඊශ්‍රායල ගම්මානයක් වන බෙයිට් හිලෙල් වෙත රොකට් දුසිම් ගණනක් දියත් කළ බව හිස්බුල්ලා සංවිධානය සදහන් කරයි.

TRENDING POST