Image

රට හදන තැන කැත කළ උන්ට කථානායකගෙන් පාඩමක්.!

නිවේදනයක් නිකුත් කරමින් පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව පවසන්නේ පාර්ලිමේන්තු සේවිකාවන්ට ලිංගික හිංසනයන් සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ පාර්ලිමේන්තු සේවකයින් තිදෙනෙකු සේවයෙන් පහකර ඇති බවයි.

අදියර කිහිපයක් යටතේ සිදුකළ විමර්ශනවලින් අනතුරුව මෙම සේවකයින් තිදෙනා වැරදිකරුවන් ලෙස තහවුරු වූ බව එම නිවේදනයෙ වැඩිදුරටත් සඳහන් වේ.

එම විමර්ශනවලින් අනතුරුව පාර්ලිමේන්තු මහලේකම් කුෂානි රෝහණදීර මහත්මියගේ නිර්දේශ මත එම සේවකයින් තිදෙන‍ා සේවයෙන් පහ කිරීම සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා අනුමැතිය ‍ලබාදී තිබේ.

TRENDING POST