Image

“මහින්ද ලෝකය පුරා ගොස් හිඟාකාලා හිඟාකාලා ඩොලර් ගෙනාව මගෙ අම්මා”

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ ලෝකය පුරා ගොස් හිඟාකාල හිඟාකාල ලංකාවට ඩොලර් ගෙනාව බව පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.

චීනයට ගොස් වරාය, ⁣ගුවන් තොටුපළ ගෙනාව බවත් අමෙරිකාව, යුරෝපයට සහ ඉන්දියාවට ගොස් අධිවේගී මාර්ග සහ කෝච්චි පාරවල් ගෙනාව බවද මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි සදහන් කරයි.

සජිත් ප්‍රේමදාසට රටේ බලය ලබාදිය නොහැකි බවත් පොදුජන පෙරමුණ ඡන්ද නොමැතිව රනිල් වික්‍රමසිංහට ජයග්‍රහණය කළ නොහැකි බවත් එනිසා සජිත්, රනිල්, අනුර පරාජය වන බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

රටේ මහපොලව තුළ පැල කිරීමට හැකි බීජය මහින්ද චින්තනය පමණක් බවත් මේ රට ගොඩගන්න පුළුවන් එකම තරුණ නායකයා නාමල් රාජපක්ෂ පමණක් බවද මන්ත්‍රීවරයා සදහන් කරයි.

ගල්ගමුවේ පැවති පොදුජන පෙරමුණ පක්ෂයේ ජන රැළිය අමතමින් මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.