Image

පොහොට්ටුවේ ප්‍රබලයින් ජනතාව ඉදිරියේ වැඳ වැටී කළ ඉල්ලීම.!

නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පක්ෂ කාර්යාලයේදී එම පක්ෂයේ ජනාධිපති අපේක්ෂකවරයා නිල වශයෙන් නම් කිරීමේ උත්සවයට සහභාගී වීමෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස කුට්ටිආරච්චි මහතා පවසා සිටියේ, රටේ ජනාධිපතිවරණය යනු විහිළු කරමින් සිටිය හැකි අවස්ථාවක් නොවන බවත් එය රටේ අනාගතය, ආර්ථිකයා, ජාතික ආරක්ෂාව ඇතුළු සියලු කාරණා පිළිබඳ තීරණාත්මක සාධකය බවයි.

එමෙන්ම සෑම විටම මෙරට ජනතාව ඉල්ලා සිටියේ රටට අවශ්‍ය තරුණ නායකත්වයක් බවත්, අලුතින් හිතීමට කැමති තරුණයන්ගේ අදහස් හා ගැලපෙන වයස 35,40 වයස් කාණ්ඩයේ තරුණ සිතුවිලි තේරුම් ගත හැකි නායකත්වයක් සඳහා රට භාරදීමට ජනතාවට අවස්ථාවක් උදාවී ඇති බවත් ඔහු අවධාරණය කළේය.

මේ රට වැටුණු තැනින් ගොඩගැනීමට නාමල් රාජපක්ෂ මහතාට පක්ෂ පාට භේදයකින් තොරව සහයෝගය ලබා දෙන ලෙසට තමා රටේ සියලු ජනතාවගෙන් වැඳවැටී ඉල්ලා සිටින බවත් කුට්ටිආරච්චි මහතා වැඩිදුරටත් පැවසීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.