Image

අලුත් ඡන්ද ලක්‍ෂ 15ක් පොහොට්ටුවට ලැබෙනවා

මහින්ද රාජපක්ෂ මහතා හැර කවුරු පක්ෂය හැර ගියත් ඔවුන්ට ඡන්ද රැගෙන යා නොහැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය.

පොදුජන පෙරමුණේ පක්ෂ රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා මේ බව සඳහන් කළේය.

 ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් කවුරු ගියත් ඡන්දදායකයන් පක්ෂය හැර නොයන බව හෙතෙම කීවේය. මන්ත්‍රීවරු 92ක් පක්ෂයේ තීරණයට විරුද්ධ වී නැති බවත් ඒ පිරිසේ සමහරු මෙහේ සිටිමින් රඟපෑමක් කරන බවත් ප්‍රනාන්දු මහතා කියා සිටියේය.

රනිල් වික්‍රමසිංහ මහතා ළඟට ගොස් සිටින පිරිස් මහින්ද රාජපක්ෂ මහතාගේ පින්තූරය ගහගෙන පාර්ලිමේන්තුවට ආපු අය බව පැවසූ ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා ඔවුන් ගමට ගොස් මහින්ද මහත්තයා අගමැති කිරීමට ප්‍රාදේශීය සභා අපේක්ෂකයන්ට ඡන්දය දෙන්නැයි කියපු අය බව ද සඳහන් කළේය.

මන්ත්‍රීවරයා වැඩිදුරටත් මෙසේද කියා සිටියේය.

‘කවුරු ගියත්  ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැටෙන්නේ නැහැ. ජනතා විමුක්ති පෙරමුණ මන්ත්‍රී වරු තුනක් තියාගෙන රටක් කලඹනවා. පක්ෂය හැර ගිය පිරිස යෑමට හේතුව ඇයි දැයි යන්න ජනතාව දන්නවා. පක්ෂය රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දෙන්න තීරණය කළේ නම් ඔවුන් සජබට යනවා. එසේ වූයේ නම් නඩු බේරගන්න ගියා කියාවේ. අපි අලුත් ඡන්ද ලක්ෂ 15කට වැඩියෙන් ගත හැකි අපේක්ෂකයෙක් පක්ෂයෙන් ඉදිරිපත් කරනවා’

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.