හිල්ටන් හෝටලයේ රථගාලේ දමා ගොස් තිබූ නීති විරෝධී දෙස භාවිතා කළ සුඛෝපභෝගී මෝටර් රථයක් ගැන සිදු කරන පරීක්ෂණයට අදාළව හිටපු පාර්ලිමේන්තු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුගෙන් ප්රකාශ ලබා ගැනීමට පැමිණෙන ලෙස දැනුම් දී තිබුණේය.
එහෙත් සුඛෝපභෝගී මෝටර් රථයක් ගැන ප්රකාශයක් ලබාදීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින්නැයි හිටපු මන්ත්රී ජොන්ස්ටන් ප්රනාන්දුට දැන් වුවද අසනීප තත්ත්වයක් නිසා එහි පෙනී සිටිය නොහැකි බව ඔහුගේ නීතිඥවරු හරහා දැනුම් දී තිබුණේය.
අනතුරුව නැවත දිනයක පැමිණෙන ලෙස ජොන්ස්ටන් ප්රනාන්දුට දැන්වුවද දින කිහිපයක් ගත වූ පසුව ප්රකාශයක් ලබාදීම සදහා ඔහු නොපැමිණීම හේතුවෙන් මේ වනවිට සිදුකරන විමර්ශන අඩපණ වී ඇත.
තවදුරටත් දිගින් දිගටම ජොන්ස්ටන් ප්රනාන්දු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නොපැමිණ සිටියොත් ඒ සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කර ඔහුට එරෙහිව පියවර ගැනීමට නියමිතව ඇත.
මේ අතර ජොන්ස්ටන් ප්රනාන්දු සොයමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂණ පවත්වමින් සිටින අතර ඔහු සැගවී සිටින තැනකින් එළියට පැමිණ ප්රකාශයක් ලබා නොදුන්නොත් සිටින ස්ථානය සොයාගෙන අත්අඩංගුවට ගැනීමට නියමිත බව වාර්තා වේ.

