Image

රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නෑ… දුෂ්කරතා මැද දිනාගත් ජයග්‍රහණ රැකගැනීම වැදගත්…! – IMF

ශ්‍රී ලංකාව ඉතිහාසයේ දරුණුතම ආර්ථික අර්බුදයේ සිට මේ දක්වා පැමිණි ගමන තුළ විශාල ප්‍රගතියක් ලබා ඇති නමුත් රට තවමත් ආර්ථික අවදානමෙන් මිදී නොමැති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) සන්නිවේදන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂිකා ජූලි කොසැක් (Julie Kozack) මහත්මිය අවධාරණය කරයි.

ඇය පෙන්වා දෙන්නේ දුෂ්කරතා මැද අත්කර ගත් ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම වැදගත් වන බවත් එය ඉදිරි මැතිවරණයේ දී ශ්‍රී ලංකාවේ ජනතාව තීරණය කළ යුතු බවයි.

“පසුගිය ජූනි 12 වන දින, අපගේ විධායක මණ්ඩලය විසින් 2024 අංක IV වගන්තිය යටතේ සිදු කරනු ලබන උපදේශනය සහ විස්තීරණ අරමුදල් පහසුකම (EFF) පිළිබඳ වැඩසටහනේ දෙවන සමාලෝචනය අවසන් කර තිබෙනවා. එමඟින් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 336 ක පමණ මූල්‍යාධාරයක් නිදහස් කර තිබෙනවා.

වැඩසටහනේ කාර්ය සාධනය ශක්තිමත්ව පවතිනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන්වල ප්‍රතිඵල පෙන්නුම් කරමින් තිබෙනවා. ආර්ථිකය වර්ධනය වීමට පටන්ගෙන තිබෙනවා. උද්ධමනය පහළ යමින් තිබෙනවා. විදේශ සංචිත ප්‍රමාණය සහ රාජ්‍ය ආදායම ඉහළ යමින් පවතිනවා. කෙසේ වෙතත්, තවමත් සැලකිය යුතු මට්ටමේ අවදානමක් පවතිනවා. එමනිසා ප්‍රතිසංස්කරණ අඛණ්ඩව සිදු කිරීම අත්‍යවශ්‍ය වෙනවා.

ඉදිරි ජනාධිපතිවරණය පිළිබඳ තීරණය ශ්‍රී ලංකාවේ ජනතාව විසින් ගත යුතුයි. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන වැඩසටහන සැලකිය යුතු ප්‍රගතියක් ලබා ඇති බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ දෘෂ්ටි කෝණයෙන් බැලූ විට අපට දකින්නට තිබෙනවා. නමුත් ශ්‍රී ලංකාව සිය ඉතිහාසයේ මුහුණ දුන් දරුණුතම අර්බුදයෙන් පූර්ණ වශයෙන් යථා තත්ත්වයට පත්කර ගැනීම සඳහා මෙම වැඩසටහන තුළින් අත්කර ගෙන ඇති ජයග්‍රහණ ආරක්ෂා කර ගැනීම ඉතා වැදගත් වනවා.

තුන්වන සමාලෝචනය සිදු කරනු ලබන කාලසීමාව මැතිවරණයෙන් පසුව රජය සමඟ සාකච්ඡා කරනවා. එම නිසා අප ජනාධිපතිවරණය පැවැත්වීමෙන් පසුව නව රජයක්, නැතහොත් ශ්‍රී ලංකාවේ ජනතාව විසින් සිදුකරන තෝරාගැනීම මත පදනම් ව හිමිවන ප්‍රතිඵලය අනුව වැඩසටහන පිළිබඳ සාකච්ඡා ඉදිරියට ගෙන යාමට අප බලාපොරොත්තු වෙනවා. ඒ අනුව කටයුතු කිරීමට අප සූදානම්ව සිටිනවා.”

ජූලි කොසැක් මහත්මිය මේ බව සඳහන් කර සිටියේ පසුගිය 12 වැනිදා පැවති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මාධ්‍ය හමුවේදීය.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.