Image

ගුවන් යානයක් වාරියපොලට කඩා වැටේ

ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් පුහුණු ජෙට් යානයක් මීට ටික වේලාවකට පෙර වාරියපොල ප්‍රදේශයට කඩා වැටී තිබේ.

ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසන්නේ චීන K-8 පුහුණු ජෙට් යානයක් මෙසේ අනතුරට පත්ව ඇති බවයි.

අනතුරට ලක්වීමට පෙර ගුවන් නියමුවා සහ සහය නියමුවා ගුවන් යානයෙන් ඉවතට විසි වී ඇත.

එම නියමුවන් දෙදෙනා පැරෂුට් මගින් ආරක්ෂිතව ගොඩබා ඇත.

TRENDING POST