මාධ්‍ය වෙත අදහස් දක්වමින් කෘෂි ඇමති කේ ඩී ලාල්කාන්ත මහතා පවසා සිටියේ වගා හානි සිදු කරනා වන සතුන් සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් රජය කඩිනමින් කටයුතු කරනා බවයි.
එලෙස වගාවන් සඳහා හානි සිදුකරනා වන සතුන් අතරින් රිළා ගහනය මේ වනවිට වගා හානි අභිබවා ගිය සමාජීය වසංගතයක් බවට පත්ව ඇති බවත් ඒ සඳහා ගත යුතු ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මේ වනවිටත් ව්‍යාපෘති කිහිපයක් යෝජනා වී ඇති බවත් ඔහු වැඩිදුරටත් පැවසීය.
එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ ඉදිරි පරම්පරාවකට නැවත මෙම ගැටළුව මතු නොවන ආකාරයේ තිරසාර විසඳුමක් නියත වශයෙන්ම ගෙන ඒමට කටයුතු කරනා බවත් ජනතාව ඒ සම්බන්ධයෙන් කිසිදු සැකයක් තබා ගැනීමට අවශ්‍ය නොවන බවත් ය.
“වසංගතයට වසංගතය ලෙස සලකලා උත්තර හොයන්නේ නැතිනම් උත්තර හොයන්න බෑ.. වෙන ක්‍රම නැහැ. ඒ කියන්නේ පරිසරය සමතුලිතතාවය බිඳවැටිලා තමයි, සමතුලිතතාවය බිඳ වැටුනාම හදන්න වෙන්නෙත් මිනිස්සුන්ගේ මැදිහත්වීමෙන් තමයි. සමහර සත්තු ඇත්තටම ප්‍රශ්නයක් තියෙනවා ඒ සත්තු පරිසරය තුළ සමතුලිත වෙන්න ඕනෑ කරන අනිත් සත්තුත් මේ වෙද්දි නෑ. එහෙනම් එතකොට ඒක සමතුලිත කරන්න මිනිහට මැදිහත් වෙන්න වෙනව”