Image

ජනාධිපති අම්මාගේ පාළු ගෙදරටත් ප්‍රභූ ආරක්ෂාව දීලා..! – කුමාරසිරි

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කිරීම ද කොළඹ කාර් ප්‍රදර්ශනය මෙන් ම දේශපාලන සංදර්ශනයක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.පී.එස්. කුමාරසිරි පවසයි.

ගමේ දේශපාලනය කළ තමන්ට කිසිදු තර්ජනයක් නැති වුව ද බොහෝ මන්ත්‍රීවරුන්ට තර්ජන ඇති බවයි, ඔහු ප්‍රකාශ කළේ.

එම මන්ත්‍රීවරුන්ගේ ජීවිත ආරක්ෂාව පිළිබඳ වගකීම රජය ගත යුතු බවත් ඔවුන්ගේ ප්‍රභූ ආරක්ෂාව ඉවත් කර ජනාධිපතිවරයාගේ අම්මා වාසය කළ දැනට වසා දමා ඇති මහ ගෙදරට පොලිස් ආරක්ෂාව සපයා ඇති බවත් කේ.පී.එස්. කුමාරසිරි ප්‍රකාශ කරයි.

TRENDING POST