Image

ප්‍රමිත, කමල්ගේ කමාන්ඩෝ ආරක්ෂකයින් ඉවතට.. ආරක්ෂක නිළධාරීගේ පෙළඹවීමේ දීමනාවත් කපා හැරේ.!

විශ්‍රාමික ජනාධිපතිවරු ඇතුළු ප්‍රභූන්ගේ ආරක්ෂාව සඳහා යොදවා සිටින ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට මෙතෙක් ගෙවන ලද පෙළඹවීමේ දීමනාව (Motivation allowance) වහාම ක්‍රියාත්මක වන පරිදි ආරක්ෂක අමාත්‍යාංශය විසින් කපා හැර ඇති බව වාර්තා වෙයි.

ප්‍රභූවරයා යම් කාර්යක නිරතව සිටි තුරා ප්‍රභූ ආරක්ෂකයන්ට සේවය නිම කිරීමට නිශ්චිත වේලාවක් නොමැතිවීම හේතුවෙන් මෙම දීමනාව ගෙවනු ලැබූ අතර ප්‍රභූ ආරක්ෂකයෙකු ලක්ෂයක මූලික වැටුපක් ලබන්නේ නම් ඔහුට රුපියල් 32000ක පමණ දිරි දීමනාවක් ගෙවනු ලබයි.

මෙම දීමනාව මේ ඉදිරියට හිමිවන්නේ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ ත්‍රිවිධ හමුදාපතිවරුන්ගේ ආරක්ෂාවට යොදවා සිටින ආරක්ෂක නිළදාරීන්ට පමණි.

සැප්තැම්බර් 22 වනිදා සිට බලපැවැත්වෙන පරිදි ආරක්ෂාවේ යෙදී සිටි අනෙකුත් ත්‍රිවිධ හමුදා නිළධාරීන් හට සහ සෙසුනිලයන් හට ගෙවන ලද දිරි දීමනාව කපා හරින ලෙස ආරක්ෂක ලේකම් එයාවයි මාර්ෂල් සම්පත් තුයියකොන්තා මහතා උපදෙස් දී ඇත.

එමෙන්ම හිටපු ජනාධිපතිවරු දෙදෙනෙකුගේ ආරක්ෂාව සඳහා සහ නිවෙස් වල වැඩ කටයුතු කිරීම සඳහා ත්‍රිවිධ හමුදාවේ පන්සියයක පමණ බට පිරිසක් ලබා දී ඇති බවද වාර්තා වෙයි.

ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්ව සිටි කමල් ගුණරත්න මහතාට දී තිබූ කමාන්ඩෝ ආරක්ෂාවත් වහාම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කිරීමට පියවර ගෙන ඇත.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බන්ඩාර තෙන්නකෝන් මහතාගේ ආරක්ෂාවට යොදවා සිටි කමාන්ඩෝ සෙබලුන්ට යළි කඳවුරු බලා යන ලෙසත් උපදෙස් දී ඇති බව වාර්තා වෙයි.

මෙලෙස ප්‍රභූ ආරක්ෂාවෙත් ඉවත්කෙරෙන සමස්ත ආරක්ෂක නිළදාරීන් සංඛ්‍යාව 2000කට අධික බවද වාර්තා වන අතර එම නිළදාරීන් සාමාන්‍ය රාජකාරි සඳහා යෙදවීමටද සූදානම් කර ඇත.

TRENDING POST