හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා සිටියේ වත්මන් ජනාධිපති අනුර දිසානායක මහතා ක්‍රියාත්මක කළ ධීවර ඉන්ධන සහනය සහ ගොවි පොහොර සහනාධාරය ප්‍රසංශනීය බවයි.
ඔහු වැඩිදුරටත් පවසා සිටියේ මහමැතිවරණය හේතුවෙන් එම සහනාධාර වැඩපිළිවෙල නැවැත්වීම සඳහා කටයුතු නොකරනා ලෙසද තමා මැතිවරණ කොමිසමෙන් ඉල්ලීම් කරනා බවයි.
එමෙන්ම මැතිවරණ වේදිකාවේදී ජාතික ජන බලවේගය විසින් සඳහන් කළ පරිදි මෙමස අවසානයේදී ඉන්ධන මිල සංශෝධනය හරහා ජනතාවට සහනයක් ලබාදෙනු ඇති බවට තමා විශ්වාස කරනා බවත් ඔක්තෝම්බර් මාසයට අදාළව විදුලි බිල සශෝදනය සම්බන්ධයෙන්ද නිසි ක්‍රියාමාර්ග ගනු ඇති බවට තමා විශ්වාස කරනා බවත් ඔහු පැවසීය.

