විදුලි බල හා බලශක්තිය අමාත්‍යය කංචන විජේසේකර මහතා සඳහන් කරන්නේ 2022 ජූලි මාසයේ සිට රනිල් වික්‍රමසිංහ මහතාගේ රජය යටතේ ක්‍රියාත්මක කළ වැඩපිළිවෙළ තවත් වසර දෙකක් ඉදිරියට ගමන් කරයි නම්, මීට වඩා මිල සහනයක් ජනතාවට ලබාදීමට විදුලි බල මණ්ඩයට හැකියාවක් පවතින බවයි.
එමෙන්ම වර්ෂාපතනය ලැබීම මත ඔක්තෝම්බර් මාසයේදී මිල සංශෝධනය සිදුකළ හැකි අතර ඒ හරහා විදුලි බිල තවදුරටත් අඩු කළ හැකි බව අමාත්‍යවරයා පවසයි.
අමාත්‍යවරයා චෝදනා කර සිටියේ අපේ රටේ විදුලිබල අර්බුදයට හේතු වූ දේශපාලන කණ්ඩායම් සිටි බවත් එම පිරිස් මිලදී ගැනීම් සිදුකිරීමට ඉඩ ලබා නොදී පැය 16 විදුලිය කප්පාදු කිරීමට සැලැස්ස වූ බවයි.
එමෙන්ම එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පවසා සිටියේ, ජනතා විමුක්ති පෙරමුණ විදුලි බලාගාර ඉදිකිරීම ඉඩ නොදී ඒවා දේශපාලන ප්‍රශ්න බවට පත්කර ගනිමින් බාධා කිරීම හරහා රටේ බල ශක්ති ක්ෂේත්‍රය අර්බුදයකට ලක්වූ බවත් ඉල්ලුමට අනුව අඛණ්ඩ විදුලි සැපයුමකට අවශ්‍ය නව බලාගාර ඉදිකිරීමේ ඉතිහාසය පුරා බාධා කර ඇත්තේ ජනතා විමුක්ති පෙරමුණ ප්‍රමුඛ කණ්ඩායම් බවත්ය.