Image

“මට CID එන්න කියනකම් ඉතා කැමැත්තෙන් බලාගෙන ඉන්නවා.”: හිටපු ඇමති කංචන කියන කතාව

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවීමක් එනතුරු ඉතා කැමැත්තෙන් බලා සිටින බව විදුලිබල හා බලශක්ති හිටපු අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

ඔහු මේ බව ප්‍රකාශ කළේ, කැඳවා තිබූ විශේෂ මාධ්‍ය හමුවකට එක්වෙමින්.

“මට කැඳවීමක් එනකම් බලාගෙන ඉන්නවා ඉතාමත් කැමැත්තෙන්. අපි පසුගිය කාලයේ විනිවිදබාවයෙන් වැඩ කරලා තියෙනවා. අපි අසත්‍ය ප්‍රචාරයන්වලට පිළිතුරු ලබා දෙන්න කටයුතු කළේ නැහැ. අමාත්‍යංශයෙන් කරපු සියලු ක්‍රියාකාරකම් පාර්ලිමේන්තුවට සභාගත කර තිබෙනවා.

ඔනෑම අවස්ථාවක අධිකරණයෙන් හෝ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් හෝ ඔනෑම තැනකින් ආරාධනා කරනවා නම්, ඉල්ලීමක් කරනවා නම් එන්න කියලා ඒකට පසුබට වෙන්නේ නැහැ. ගිහින් අවශ්‍ය පිළිතුරු ලබාදෙනවා.”

TRENDING POST