Image

කෙහෙළිය රඹුක්වැල්ල තාවකාලිකව දේශපාලනයෙන් සමු ගනී

අධිකරණ තීන්දුව ලැබෙන තෙක් තාවකාලිකව දේශපාලනයෙන් ඉවත්වන බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වල්ල මහතා ඊයේ (13) මහනුවර දී පැවසුවේය.

තාවකාලිකව දේශපාලනයෙන් සමුගැනීම පාක්ෂිකයින්ට දැනුම්දීම වෙනුවෙන් මහනුවර දෙවන රාජසිංහ මාවතේ පිහිටි ඕක්රේ හෝටලයේ පැවැති රැස්වීමක දී රඹුක්වැල්ල මහතා මේ බව අනාවරණය කළේය.

තමන්ට අධිකරණය වෙතින් සාධාරණය ඉටුවනු ඇතැයි දැඩි විශ්වාසයක් පවතින බවත් නිර්දෝෂි පුද්ගලයෙකු ලෙස නැවත දේශපාලනයට පිවිසීම තම බලාපොරොත්තුව බවත් ඒ මහතා කීවේය.

තමන් දේශපාලනික වශයෙන් අනාථ වූවෙකු නොවන බවත් දේශපාලයෙන් තාවකාලිකව සමුගැනීම නිවේදනය කරනු ලබන්නේ මහජන ප්‍රසාදය පෙර පරිදිම පවතින තත්ත්වයක් තුළ බවත් කී රඹුක්වැල්ල මහතා ව්‍යාපාරිකයෙකු ලෙස තමන් හරි හම්බ කරගත් මුදල් වල වටිනාකමට වඩා දේශපාලනයේ නිරත වීමෙන් ලද ජනතා ආදරය වටිනා බව ද අවධාරණය කළේය. 

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.