Image

උතුරු කොරියාව කොරියානු යුද සංවත්සරය සමරයි – සතුරා ‘සම්පූර්ණයෙන්ම විනාශ කරන’ බවට සපථ කරයි

නායක කිම් ජොන් අන්ගෙන් නියෝගයක් ලද සැනින් තම සතුරන් සම්පූර්ණයෙන්ම විනාශ කරන බවට උතුරු කොරියාව සපථ කර තිබෙනවා.

උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය මේ බව පවසා ඇත්තේ, නායක කිම් 71 වැනි කොරියානු යුද අවි සංවත්සරය සැමරීම සඳහා සහභාගී වූ රැස්වීමකින් අනතුරුවයි.

එහිදී යුධ හමුදා කර්නල් රී උන් රියොන්ග් සහ නාවික හමුදා ලුතිනන් කමාන්ඩර් යූ ක්‍යොං සොන්ග් ඇතුළු ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරීන් එක්සත් ජනපදය සහ දකුණු කොරියාව කෙරෙහි ඉහළ වෛරයකින් අදහස් පළ කළ බවත් ඔවුන් සඳහන් කරනවා.

උතුරු කොරියාව සහ එක්සත් ජනපදය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා නොමැති අතර දෙරටේ ආතතීන් අවම කිරීම සහ උතුරු කොරියාව න්‍යෂ්ටික අවිහරණය පිළිබඳ සිදුකළ සාකච්ඡා 2019 සිට ඇනහිට තිබෙනවා.

කෙසේ වෙතත් ධවල මන්දිරයට මීළඟට කවුරුන් තේරී පත් වුවද එය තම සබඳතාවලට බලපාන්නේ නැති බවයි උතුරු කොරියානු රාජ්‍ය මාධ්‍ය පවසා සිටියේ.

TRENDING POST