Image

තොණ්ඩමන්ගේ දිගම්බරමගේ බලකොටුව අප බිඳහෙළුවා…- මාලිමා මන්ත්‍රීනී

ඉතිහාසයේ පළමු වරට තොණ්ඩමන්, දිගම්බරම්, රාධාක්‍රිෂ්ණන්ගේ බලකොටුවක් වශයෙන් පැවති නුවරඑලිය දිස්ත්‍රික්කයේ බලය ජාතික ජන බලවේගයට ලබා ගැනිමට මෙවර මහ මැතිවරණයෙන් හැකි වු බව එම පක්ෂයෙන් නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය පැවසිය.

හැටන් නගරයේ පිහිටි පක්ෂ කාර්යාලයේදි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මාධ්‍ය හමුවක් පවත්වමින් ඒ බැව් පැවසිය.

මෙම මාධ්‍ය හමුවේදි අදහස් දැක්වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය කියා සිටියේ මැතිවරණ සමයේදි වතුකරයේ ජනතාව අතරට පැමිණෙන එම දේශපාලඥයන් වතුකරයේ ජනතාව රවටා ජන්දය ලබාගෙන ගොස් එම ජනතාවගේ අවශ්‍යතාවයන් කිසිවක් ඉටු නොකල බවයි.

මෙවර නුවරඑලිය දිස්ත්‍රික්කයේ ජාතික ජන බලවේගයෙන් තරග කල අපෙක්ෂකයන් දිනවිමට නුවරඑලිය දිස්ත්‍රික්කයේ සිංහල, දමිල, මුස්ලිම් සියළු ජනතාව කටයුතු කල බවයි.

එම ජනතාව ජාතික ජන බලවේගය කරා තිබු විශ්වාසය බිද නොහෙලා එම ජනතාවගේ අවශ්‍යතාවයන් ඉටු කිරිමට කැප වි කටයුතු කරන බවයි ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවිය මෙම මාධ්‍ය හමුවේදි වැඩිදුරටත් කියා සිටියේ.

නුවරඑලිය දිස්ත්‍රික්කයෙන් මනාප 33,346 ක් ලබා ගනිමින් පාර්ලිමේන්තුවට තේරිපත් වු ක්‍රිෂ්ණන් කලෙයිචෙල්වි මෙනවියට සුභ පැතිමට විශාල පිරිසක් පක්ෂ කාර්යාලය වෙත පැමිණ සිටිහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.