Image

ගල්කිස්ස උසාවියේ වින්දිතයෙකු වූ පොලිස් නිලධාරියාට නීතිපති සහාය

පොලිස්පති නිතීඥ ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කළේ 13 දිනයේදී ගල්කිස්ස අධිකරණ භූමිය තුළ සිදු වූ බව කියන පහරදීමේ සිදුවීමට අදාළව දැනට රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් නිලධාරියා වෙනුවෙන් කරුණු දැක්වීම සඳහා රජයේ නීතිඥවරයෙක් පෙනී සිටින බවයි.

එම සිදුවීමට අදාළව පොලීසිය විසින් අපක්ෂපාතීව ක්‍රියා කළේදැයි සෙවීම සඳහාද පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් විමර්ශණයක්ද ආරම්භ කර ඇති බව ඔහු සඳහන් කළේය.

ඒ අනුව මෙම සිදුවීම පිළිබඳ අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කරන බවද පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

“හෙට දින මෙම අධිකරණ කටයුත්ත නැවත කැඳවනවා. ඒ සඳහා නීතිපතිවරයාත් මේ සම්බන්ධයෙන් මැදිහත් වෙලා ඔහුගේ සහාය ඇතිව රජයේ නීතිඥවරයෙක් සම්බන්ධ කරගෙන අවශ්‍ය නීතිමය පියවර ගන්නවා” යැයි පැවසීය.

TRENDING POST