Image

මත්පැන් මිල අඩු කිරීමට සාකච්ඡාවක්.!

මෙරට මත්පැන් නිෂ්පාදකයන් සමඟ සුරා බදු දෙපාර්තමේන්තුවේදි ඊයේ පැවති විශේෂ රැස්වීමකදී සුරා බදු කොමසාරිස් ජනරාල් MJ ගුණසිරි මහතා මත්පැන් නිෂ්පාදකයන්ගෙන් ඉල්ලා තිබුණේ මත්පැන් කාල බෝතලයක මිල රුපියල් සීයකින් අඩු කිරීමට කටයුතු කරන ලෙසයි.

එහිදී සුරාබදු කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ වර්තමානය වන විට එතනෝල් ලීටරයක මිල රුපියල් 600ත් 700ත් අතර මිලකට පහත වැටී ඇති හෙයින් මත්පැන් මිල අඩු කිරීමේ හැකියාවක් පවතින බවයි.

එමෙන්ම මේ වන විට මත්පැන් මිල ඉහළ යෑම හේතුවෙන් මත්පැන් අලෙවී 40% කින් පහත වැටී ඇති බවත් පාරිභෝගිකයන් නීති විරෝධී මත්පැන් භාවිතයට හුරු වී ඇති බවත් ඔහු අවධාරණය කර ඇත.

TRENDING POST