මත්පැන් මිල අඩු කරන බවට ඇතැමුන් ප්‍රචාරයන් ගෙන ගියත් එවැනි මිල අඩු කිරීමක් සිදුනොවන බව සුරාබදු කොමසාරිස් ජනරාල් එම්.ජේ. ගුණසිරි මහතා පවසයි.
මත්පැන් නිෂ්පාදකයන් සමග පැවති සාකච්ඡාවකදී නීති විරෝධී මත්පැන් (කසිප්පු) භාවිතය අඩු කිරීමට රජයේ අනුමත මත්පැන් මිලෙහි අඩු කිරීමක් සිදුකළ හැකිදැයි තමා විමසූ විට බදු මුදල් අඩු කරනවා නම් මිල අඩු කළ හැකි බව ඔවුන් ප්‍රකාශ කළ බවද ගුණසිරි මහතා පැවසීය.
මත්පැන් මත පනවා ඇති බදු මුදල් අඩු කිරීමේ හැකියාවක් නොමැති බව තමා පැවසූ බවත් ඒ අනුව මත්පැන් මිලේ අඩුවීමක් සිදුනොවන බවත් ඒ මහතා කීය.
2024 ජූලි මාසය අවසන් වනවිට සුරා බදු ලෙස රුපියල් බිලියන 122ක් උපයා ඇති බවත් එය 2023 වර්ෂයේ ජූලි මාසයේදී බිලියන 105ක් බවත් ඒ මහතා කීය. 2023 හා සසඳා බැලීමේදී 2024 වර්ෂයේ සුරාබදු වැඩිවීමේ ප්‍රතිශතය සියයට 24ක් පමණ වන බවත් ඒ මහතා පැවසීය.