Image

ගෑස් මිල වෙනස් වෙයිද?

අගෝස්තු මාසය සඳහා ගෑස් මිල වෙනස් නොවන බව ලිට්‍රෝ සමාගම පවසනවා.

ලිට්‍රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් ඒ බව දැනුම් දුන්නා.

පසුගිය ජුලි 02 වැනිදා මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ලිට්‍රෝ ගෑස් මිල පහළ දමනු ලැබුවා.

ඒ අනුව, කිලෝ ග්‍රෑම් 12.5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 3690ක්.

කිලෝ ග්‍රෑම් 5 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් පහළ දමා ඇති අතර, එහි නව මිල රු. 1482යි.

කිලෝ ග්‍රෑම් 2.3 ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 18කින් පහළ දමා ඇති අතර,එහි නව මිල රු. 694ක්.

TRENDING POST