Image

මාදිවෙල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරු ඉවත් කරයි.!

මාදිවෙල මන්ත්‍රී නිල නිවාසයන්හි මේ වනවිට පදිංචිව සිටිනා මන්ත්‍රීවරුන් 108 දෙනාට ඉන් ඉවත්වන ලෙස ලිඛිතව දැනුම් දී ඇති බව පාර්ලිමේන්තු බලධාරීන් පවසයි.

මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණය අලුත් වැඩියාවකට ලක් කිරීමේ අවශ්‍යතාවය මත මෙම දැනුම්දීම සිදුකර ඇති බව වාර්තා වෙයි.

ඉදිරි මහ මැතිවරණයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වන මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයේ නිල නිවාස ලබා දියයුතු බැවින් ඒවා කල්තියා අලුත් වැඩියා කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.

එම දැනුම්දීම අනුව මන්ත්‍රීවරුන් 6 දෙනෙකු දැනට එම නිවාස වලින් ඉවත්ව ගොස් ඇති බව වාර්තා වෙයි.

එම නිවාස සංකීර්ණයේ මන්ත්‍රී නිවාස 120න් 108ක මන්ත්‍රීවරු පදිංචිව සිටිනා අතර ඉතිරි නිවෙස් වල පදිංචිව සිටින්නේ ආරක්ෂක නිලධාරීන් ඇතුළු නිලධාරින් පිරිසකි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.