සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාර, දයාසිරි ජයසේකර, ගයන්ත කරුණාතිලක ඇතුළු කිහිපදෙනෙක් පසුගියදා කථානායක අශෝක රන්වල හමුවී මාදිවෙල මන්ත්‍රී නිවාස ප්‍රශ්නය ගැන සාකච්ඡා කර ඇත.
මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස අසූවක් ආණ්ඩු පක්ෂය සදහා වෙන් කිරීමෙන් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට ලැබෙන නිවාස ගණන අඩු බවත් විපක්ෂයේ මන්ත්‍රීවරුන් කවුරුවත් කවදාවත් නිල නිවාසය එපා කියලා නොමැති බවද මන්ත්‍රීවරුන් කථානායකවරයාට ප්‍රකාශ කර ඇත.
ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන්ට නිවාස තිබෙන බැවින් විපක්ෂයේ මන්ත්‍රීවරුන්ට තියෙන වරප්‍රසාදය පැහැරගන්න හදන බවත් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් නිල නිවාස ලබාගත් පසුව විපක්ෂයට නිල නිවාස නොලැබී යන බව මන්ත්‍රීවරුන් කථානායකවරයාට ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තුවේ එදා ඉඳලා වැඩ කරපු සම්ප්‍රදායක් තිබුණ බවත් පක්ෂ, විපක්ෂ කියලා බලන්නේ නැතිව දුරම ඉඳලා එන මන්ත්‍රීවරයාට පළමු නිවාසය ලබාදෙන ලෙසත් පාර්ලිමේන්තුවට ලග මන්ත්‍රීවරුන්ට නිවාස ලබානොදී දුර මත පදනම්ව නිවාස ලබාදෙන ලෙසද මන්ත්‍රීවරුන් ප්‍රකාශ කර ඇත.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සදහා පාර්ලිමේන්තුව ආසන්නයේ මාදිවෙල මන්ත්‍රී නිවාස සංකීර්ණයේ නිවාස 120ක් තිබෙන අතර ඉන් නිවාස අටක සිටින්නේ පොලිසියයි.