පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදෙන මාදිවෙල නිල නිවාස සංකීර්ණයෙන් නවක මන්ත්‍රීවරුන් 35 දෙනකු නිවාස ඉල්ලා ඉල්ලුම්පත් ඉදිරිපත් කර ඇති බව වාර්තා වේ.
පාර්ලිමේන්තුවේ නවක මන්ත්‍රීවරුන්ට මාදිවෙල නිවාස ලබාදීම ලබන (03) වැනිදා ආරම්භ කරන බවත් නිවාස නිකුත් කිරීමට මන්ත්‍රීවරුන්ගෙන් අයදුම්පත් කැඳවා ඇති බවද වාර්තා වේ.
කොළඹ සිට කිලෝමීටර් 40ක් ඇතුළත නිවාසයක් නොමැති මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගත හැකිය.

