මගනැගුම හිටපු සභාපතිවරයා ලක්ෂ 4කට අධික මුදලක් වෙනුවට කෝටි 2කට අධික මුදලක් චෙක්පතක් මගින් ගෙන ඇති බව පාර්ලිමේන්තුවේදී අනාවරණය විය.
හිටපු ඇමැති චාමර සම්පත් දසනායක මහතා ඊට අදාළ ලියකියවිලි සභාගත කිරීමට පියවර ගත් අතර අදාල සභාපතිවරයා පසුගිය සතියේ තනතුරෙන් ඉවත්කිරීමට කටයුතු කර ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය.
රුපියල් 465,248 ක මුදලක් වෙනුවට 21,846,432 ක මුදලක් අදාල හිටපු සභාපතිවරයා විසින් හම්බොතට පිහිටි “ජනිත්” නැමති සමාගමකට ගෙවා ඇති බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පැවසීය.

