හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්‍ෂාව වෙනුවෙන් යොදවා සිටි ආරක්ෂක නිලධාරීන් 116 දෙනෙකු ඉවත් කිරීමට ආරක්ෂක අමාත්‍යංශය විසින් අද තීරණයක් ගෙන තිබුණි.
ඒ හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් විධිමත් සමාලෝචනයක් සිදු කිරීමෙන් අනතුරුවයි.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයාගේ කොළඹ විජේරාමි පිහිටි නිල නිවසට පැමිණි එම ආරක්ෂක නිලධාරීන් හිටපු ජනාධිපතිවරයා සමඟ සුහද කතාබහක නිරත වූ අතර සමූහ ඡායාරූපයකටද පෙනී සිටීමෙන් අනතුරුව විසිර ගියහ.