Image

මහින්ද ඝාතනයට බෝම්බ ඇටවූ ඩ්‍රෝන යානයක්.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට ලබාදී සිටි ඉතිරි හමුදා නිලධාරීන් ද මහජන ආරක්ෂක අමාත්‍යාංශය විසින් ඉවත් කිරීමට කටයුතු කළේය.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතිඥ සංගමයේ උප සභාපති නීතිඥ මනෝජ් ගමගේ මහතා මාධ්‍ය සාකච්ඡාවක් කැඳවමින් පැවසූවේ, හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂට ISIS ත්‍රස්තයින්ගේ මෙන්ම එල්.ටී.ටී.ඊ. සංවිධානවලින් මරණීය තර්ජන ඇති බවයි.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව භාර සිටි පොලිස් අධිකාරි එම්. එස්. ඩී වික්‍රමසිංහ 2024 ඔක්තෝබර් මස 10 වැනි දින ප්‍රභූ ආරක්ෂක කමිටුව විසින් ඉල්ලන ලද ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ගැටලුවක් පවතින බවටත් එල්ල වී ඇති තර්ජන සම්බන්ධයෙන් ලබාදෙන ලෙස පැවසූ වාර්තාව යොමු කර ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

බුද්ධි අංශ ලබාදුන් තොරතුරු 04 ක දැක්වෙන බව පවසමින් ඔහු සඳහන් කර සිටියේ, මහින්ද රාජපක්ෂ මහතාගේ ජීවිතය විනාශ කිරීමට ඩ්‍රෝන සමග එක් කළ බෝම්බ ප්‍රහාරයක් ද සූදානම් කර ඇති බවත් එය ISIS ත්‍රස්ත සංවිධානය මගින් සිදු කිරීමට සැලසුම් කර ඇති බවත් ය.

TRENDING POST