Image

පහර දීම පිටුපස සරත් ෆොන්සේකා… – මහින්දගෙන් ඇමතුමක්

රිවිර පුවත් පතේ ආරම්භක කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට එල්ල කරන ලද ප්‍රහාරය එවක හමුදාපති සරත් ෆොන්සේකා මහතා මැදිහත්ව සිදුකරන ලද්දක් බව එවක ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දුරකතනයෙන් තමන් අමතා 2010 වසරේදී සඳහන් කළ බව පහර කෑමට ලක් වූ උපාලි තෙන්නකෝන් මහතා සඳහන් කරයි.

අන්තර්ජාල නාලිකාවක් සමඟ සාකච්ඡාවකට එක්වෙමින් ඔහු සඳහන් කර ඇත්තේ තමන්ට එල්ල වූ මැර ප්‍රහාරයෙන් පසු 2016 වසරේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකදී තමන්ට පහරදුන් පුද්ගලයෙකු හදුනාගැනීමට පවා තමන්ට හැකි වූ බවයි.

නමුත් මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විසින් අදාළ පර්යේෂණ වලට බාධා ඇති කළ බවත් හෙතෙම චෝදනා කරයි.

එක් අවස්ථාවක දී හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග මහත්මිය පැයක කාලයක් මුළුල්ලේ තමන් අමතා බැන වැදීමේ සිදුවීමක් පිළිබඳ ද තෙන්නකෝන් මහතා සිහිපත් කරයි.

වර්තමාන ආණ්ඩුවේ ඇතැම් මැති ඇමතිවරුන්ද මාධ්‍යයට විවිධ චෝදනා එල්ල කිරීමට පටන්ගෙන තිබීම කිසි විටකත් අනුමත නොකාරන බවද ඔහු සඳහන් කර තිබේ.

තමන් ඇතුළු මාධ්‍යවේදීන් මුහුණ දුන් අභාග්‍ය සම්පන්න සිදුවීම් පිළිබඳ යුක්තිය ඉටු කිරීමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කැපවනු ඇති බවට විශ්වාසයක් තමන්ට ඇති නමුත් දැන් දැන් එම බලාපොරොත්තු දුරස් වෙමින් පවතින බවද ඔහු සඳහන් කර ඇත්තේ අපරාධ වසන් කිරීමට සුක්ෂම වැඩපිළිවෙලක්ද පවතින බවද පෙන්වා දෙමිනි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.