Image

මහින්ද ශිරන්ති ඇතුළු පිරිස් රට සංචාර සඳහා හඳට යන වියදමක් දරලා.!

විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා පාර්ලිමේන්තුවේදී විශේෂ අනාවරණයක් කරමින් පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා දින 2ක ඉන්දීය සංචාරයක් සඳහා රුපියල් මිලියන 10කට ආසන්න වියදමක් 2013 වසරේදී වියදම් කර ඇති බවයි.

එම සංචාරය සඳහා 72ක කණ්ඩායමක් සහභාගී වී ඇති බවත් ඒ අතර හිටපු ජනපතිවරයා සඳහා රජයේ නිලධාරීන්, පෞද්ගලික කාර්‍ය මණ්ඩල, සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල, හමුදා ආරක්ෂක නිලධාරීන්, පොලිස් ආරක්ෂක නිලධාරීන්, පෞද්ගලික ආරක්ෂක නිලධාරීන්, මාධ්‍යවේදීන් මෙන්ම ඊට අමතරව ජනාධිපති ආර්‍යාව සඳහා කාර්‍ය මණ්ඩල සහ ආරක්ෂක නිලධාරීන්ද අතුළත් වී ඇති බව නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

එමෙන්ම එම වසරේම ඇමරිකානු සංචාරයක් සඳහාද හිටපු ජනපති, ජනපති ආර්‍යාව ඇතුළු 83 දෙනෙකු සහභාගී වී ඇති බවත් 2017, 2018 වසරේද එවැනිම කණ්ඩායමක් සමඟ කිහිප වතාවක් ඇමරිකාවේ සංචාරය කර ඇති බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ආර්‍යාව ඇතුළු විශාල ප්‍රමාණයේ කණ්ඩායම් එක්ව මෙලෙස සිදුකර ඇති සංචාර සඳහා එවකට රුපියල් මිලියන 50කට අධික වියදමක් දරා ඇති බවයි.

TRENDING POST