Image

මහින්ද සද්ද නැතිව සාකච්ඡා අරඹයි.. පරණ ගමන අලුත් විදිහට.!

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ මූලිකත්වයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කර පසුව වෙනත් පාර්ශවවලට වෙන්ව ගිය කොටස් නැවත එක්ව දේශපාලනය කිරීමට මේ වනවිට සාකච්ඡා ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂය නියෝජනය කරමින් පසුගිය මැතිවරණයේ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වු හිටපු මන්ත්‍රීන් නැවත පක්ෂයට එකතු කර ගනිමින් කඩා වැටුණු පක්ෂය ගොඩ ගැනීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ වනවිට කටයුතු කරමින් සිටින බවද වාර්තා වේ.

ඒ අනුව දැනට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත්ව සිටින මන්ත්‍රීවරුන් තිදෙනා සහ එම පක්ෂය හැර ගොස් වෙනත් පක්ෂවලින් තරඟ කර පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු එක් කණ්ඩායමක් ලෙස පාර්ලිමේන්තුව තුළ කටයුතු කිරීමට සාකච්ඡා කර ඇත.

TRENDING POST