පසුගිය ජනාධිපතිවරණයේදී පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්රීවරුන් ඉවත් වී වෙනම සන්ධාන ගත වූවද නැවතත් පොහොට්ටුවේ මන්ත්රීවරුන් නැවත එකතු වී රහසිගත සාකච්චාවක් කර තිබෙන බව වාර්තා වේ.
හිටපු අගමැති දිනේෂ් ගුණවර්ධන සමග එක්වී සිටි පොදුජන පෙරමුණ පක්ෂයේ මන්ත්රීවරුන් කොළඹ මල්පාරේ පිහිටි පක්ෂ කාර්යාලයේදී මෙම සාකච්චාව සිදුකර ඇත.
පොදුජන පෙරමුණ පක්ෂය ජනාධිපතිවරණයේදී පරාජය වීමට හේතුව ගැන වැඩි වශයෙන් සාකච්චා කර ඇති අතර එළඹෙන මහ මැතිවරණය ජයග්රහණය කිරීමට සූදානම් වීම ගැනද එහිදී සාකච්ඡා කර ඇත.
ඉදිරියේදී සමගි ජන බලවේගය සමග එක්වී මහ මැතිවරණයට මුහුණ දීම සුදුසු බව එහිදී මන්ත්රීවරයේ ප්රකාශ කර ඇති බව වාර්තා වේ.

