Image

මගේ පුතා අනිවාර්යයෙන් දිනනවා – මහින්ද

මාගේ දේශපාලන පළපුරුද්දට අනුව මෙවර ජනාධිපතිවරයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂක නාමල් රාජපක්ෂ ජයග්‍රහණය කරන බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ සදහන් කරයි.

අනිවාර්යයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ අපේක්ෂකයා ජයග්‍රහණය කරන බවත් රටේ ප්‍රබල අපේක්ෂකයින් සිටියත් පොහොට්ටුවේ අපේක්ෂකයා ඊටත් වඩා ප්‍රබල බව හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පක්ෂයෙන් කැඩී ගිය මන්ත්‍රීවරුන්ට නැවතත් පොදුජන පෙරමුණ පක්ෂයට පැමිණෙන ලෙස ආරාධනා කරන බවත් සමහර මන්ත්‍රීවරුන් අනිවාර්යයෙන් පැමිණෙන බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයට ආදරය කරන ජනතාව නාමල් රාජපක්ෂ අපේක්ෂකයා පිලිගන්නා බවත් එනිසා ඔහුට ජයග්‍රහණය කිරීමට හැකි බවද හිටපු ජනාධිපතිවරයා සදහන් කරයි.

පොදුජන පෙරමුණ පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා ලෙස නාමල් රාජපක්ෂ නම් කිරීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මේ බව සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.