Image

මහින්දගේ එක මයිලකට අනතුරක් උනොත් බලා ගමු.!

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රතිපත්ති කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් නීතීඥ මනෝජ් ගමගේ මහතා පැවසූවේ මහින්ද රාජපක්ෂ මහතාගේ එක මයිලකට හෝ අනතුරක් සිදුවුව හොත් මේ රජය වගකීම බාරගත යුතු බවයි.

මේ වනවිට හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව සඳහා ලබාදී ඇත්තේ ජීප් රථ 2 ක්, යතුරුපැදි 2 ක් සහ ත්‍රිරෝද රථයක් බව පැවසු ගමගේ මහතා ප්‍රශ්න කර සිටියේ තිස් වසරක යුද්ධය නිමා කළ මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සලසා දෙනුයේ ත්‍රිරෝද රථයකින්ද යන වගයි.

ඔහු චෝදනා කරමින් සිටියේ, මෙරට වැඩිම තර්ජනයක් ඇති හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව අඩු කරනුයේ එල්.ටී.ටී.ඊ. ඩයස්පෝරාවේ මනදොළ පිනවීමට බවයි.

2020 මාර්තු මස 19 වැනි දින නිසි ආරක්ෂක තක්සේරුවක් මගින් ගත් කැබිනට් තීන්දුවකින් මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව වැඩි කිරීමට පියවර ගෙන තිබූ අතර ජනාධිපතිවරයා හෝ කිසියම් අයකු විසින් පත්කරන ලද අනු කමිටුවක් මගින් කැබිනට් තීරණ වෙනස් කිරීම නීති විරෝධී බවද නීතීඥ මනෝජ් ගමගේ මහතා වැඩිදුරටත් පවසා තිබෙනවා.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.