Image

සටන කිසිසේත් අත්හරින්නේ නෑ.. මහින්දගෙන් ප්‍රකාශයක්.!


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ, ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණ 3.14%ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ මේ මැතිවරණයේදී ජාතික ලැයිස්තු ආසනයක් ඇතුළු ආසන 3ක් දිනාගත් බවත්, තමන් සටන අත්හරින තෙක් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත්ය.

තම පක්ෂය බලාපොරොත්තු වූ ප්‍රතිඵල මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ලබාගත් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සටන කිසිසේත් අත්හරින්නේ නැති බවත්, ලෙහෙසියෙන් දේශපාලනයෙන් සමුගන්නේ නැති බවත් මහින්ද රාජපක්ෂ මහතා එහිදී ප්‍රකාශ කළේය.

මේ මැතිවරණයේදී 3.14%ක ඡන්ද ප්‍රතිශතයක් සමඟ 350,429ක් ඡන්ද ප්‍රමාණයක් ලබාගත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට, ජාතික ලැයිස්තු ආසන එකක් ඇතුළු ආසන 3ක් හිමිවිය.

ඒ අනුව, ජාතික ලැයිස්තු ආසනය සඳහා පක්ෂයේ ජාතික සංවිධායක නාමල් රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව නියෝජනය කරන බව පක්ෂ මහලේකම් සාගර කාරියවසම් මහතා නිවේදනය කළේය.

එමෙන්ම හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් ඩී.වී. චානක මහතා සහ ගාල්ල දිස්ත්‍රික්කයෙන් චානක මාදුගොඩ මහතා ජනතා මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත් විය.

TRENDING POST