Image

කඩා වැටීමට නියමිත රට බාර ගන්න අපි පාර්ලිමේන්තු යවන්න.. මහින්දානන්දගෙන් ආයාචනයක්.!

මගනුවර දිස්ත්‍රික් කණ්ඩායම් නායක ලෙස කෙසේ හෝ සිව් දෙනෙකු පාර්ලිමේන්තුව වෙත ගෙන යෑම තමාගේ උත්සාහය බව මහනුවර ප්‍රදේශයේදී රැස්වීමක් අමතමින් හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමහගේ මහතා පැවසීය.

මෙවර මාලිමාව පෙන්වමින් පාර්ලිමේන්තුවට ඒමට නියමිත අලුත් මුහුනු වලට නොරැවටෙනා ලෙසත් හාරිස්පත්තුවේ මායිමක් නොහඳුනන, මඟුලකට මරණෙකට සහභාගී නොවූ අයවලුන්ට ඡන්දය ලබාදීමෙන් වැළකී සිටිනා ලෙසත් අලුත්ගමගේ මහතා එහිදී ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

ගෝඨාභය රාජපක්ෂ (එවකට මහින්දානන්ද අළුත්ගමගේ සහය දුන් අපේක්ෂකයා) සිදුකළේද මෙවැනිම ක්‍රියාවක් බව පැවසූ හිටපු අමාත්‍යවරයා එලෙස පාර්ලිමේන්තුවට ආ 40කට අධික මන්ත්‍රීවරුන්ගේ දූ දරුවන් විදේශ අධ්‍යාපණය ලබාදුන්නා මිස ගමේ ජනතාවට කිසිදු ප්‍රයෝජනයක් නොවූ බවද සිහිපත් කළේය.

ඔහු වැඩිදුරටත් පැවසූවේ අනුර දිසානායක ජනාධිපති වී අවසන් බැවින් එතුමාට ඉදිරිය යෑමට සහය ලබාදෙන අතරේ රට කඩා වැටෙනා විට නැවතා බාර ගැනීමට තමා ඇතුළු පිරිස් පාර්ලිමේන්තුවේ සිටිය යුතු බවයි.

TRENDING POST