Image

මහින්දානන්දගෙන් ජනතාවට වැදගත් තීරණයක්.!

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා සිය දේශපාලන ජීවිතයෙන් සමුගැනීම සනිටුහන් කරයි. වසර 30 ක දේශපාලන සේවයෙන් පසු, ජනමතය අනුව මෙම වැදගත් තීරණය ගත් බව ඔහු පවසයි.

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා දේශපාලනයෙන් සමු ගන්නා බව අද (16) නාවලපිටිය මහින්දානන්ද අලුත්ගමගේ පදනම් කාර්යාලයේ පැවති මාධ්‍ය හමුවකදී ප්‍රකාශ කරනු ලැබීය.

අලුත්ගමගේ පරම්පරාව වසර 70 කට අධික කාලයක් නාවලපිටිය ආසනයේ ක්‍රියාකාරී දේශපාලනයේ නිරතව සිටි බවත්, මේ අතර තමන් වසර 30 ක් දේශපාලනයේ නිරතව සිටි බවත් ඔහු එහිදී සඳහන් කළේය. මහ මැතිවරණයේදී මහනුවර දිස්ත්‍රික්කයේ ජනතාව තමන්ගේ සේවය අවශ්‍ය නොවන බව පෙනී ගිය නිසා දේශපාලනයෙන් ඉවත් වීමට තීරණය කළ බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

මෙවර මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් තරඟ කළ අලුත්ගමගේ මහතා, ගෑස් සිලින්ඩරය ලකුණෙන් මහනුවර දිස්ත්‍රික්කය නියෝජනය කළේය. එහිදී ඔහුට මනාප 20,401 ක් ලැබුණු බවත්, මීට පෙර මැතිවරණවලදී ලක්ෂ දෙකකට ආසන්න මනාප ප්‍රමාණයක් ලබාගත් බවත් ඔහු සදහන් කළේය.

මහජන මතයට හිස නමමින් මත දේශපාලනයෙන් සමුගන්නා බවත්, සිය දේශපාලන ගමනේදී විවිධ පුද්ගලයන් සහ මාධ්‍ය මගින් තමන්ට එල්ල කරන ලද මඩ ප්‍රහාරවලට බලවත් වශයෙන් මුහුණ දෙමින් දේශපාලනයේ රැඳී සිටීමට වෙර දැරුවේ ජනතා සේවය වෙනුවෙන් බවත් මහින්දානන්ද අලුත්ගමගේ මහතා එහිදී අවධාරණය කළේය.

TRENDING POST