හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන රට තුළ දේශපාලන කැළඹිමක් ඇතිවන සිද්ධියක් ගැන ප්‍රකාශ කිරීමට සූදානමින් සිටින බව දේශපාලන ආරංචි මාර්ග වාර්තා කරයි.
හිටපු ජනාධිපතිවරයාගේ දේශපාලන කාලය තුළ සිදු වූ සත්‍ය සිදුවිම් කිහිපයක් හා තීරණ කිහිපයක් ගැන එලෙස ප්‍රකාශ කිරීමට සූදානම් වන බව දේශපාලන විචාරකයින් සදහන් කරයි.
පසුගිය ජනාධිපතිවරණය සමයේ නිහඩව සිටි හිටපු ජනාධිපතිවරයා එළඹෙන මස මුල සතියේ එම ප්‍රකාශය කිරීමට සුදානමක සිටින බවද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

