Image

මෛත්‍රී විශ්වාස කරන්න බැරි පුද්ගලයෙක්.. ඔහුගේ සහාය මට එපා.!

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එළඹෙන ජනාධිපතිවරණයේ රනිල් වික්‍රමසිංහ වත්මන් ජනාධිපතිවරයාට සහයෝගය පළ කිරීමට කැමැති යැයි පණිවුඩකරුවන් යවා තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහයෝගය පළ කිරීමට මෛත්‍රීපාල සිරිසේන කැමති වුවද එම ඉල්ලීම රනිල් වික්‍රමසිංහ විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බව අමාත්‍ය මහින්ද අමරවීර සදහන් කරයි.

කිසිදු විශ්වාසයක් තැබිය නොහැකි මෛත්‍රීපාල සිරිසේන වැනි පුද්ගලයකුගේ සහයෝගය තමන්ට අවශ්‍ය නැති බව එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ජනාධිපතිවරයා පවසා ඇතැයි ද අමාත්‍යවරයා සදහන් කරයි.

අමාත්‍ය මහින්ද අමරවීර තවදුරටත් සදහන් කළේ,

“අපේ පක්ෂයේ හිටපු සභාපතිවරයා අද යන එන මං නැති තත්ත්වයට පත් වී සිටිනවා. කිසිදු පක්ෂයකින් ඔහු බාරගන්න කැමැති නෑ. තමන් පිළිබඳ විශ්වාසය තමන්ම පළුදු කර ගත්තාම උරුම වෙන්නේ මහමඟ තමයි.

දැන් කොහේ හරි කුණු ගොඩක් හොයනවා ඇති. ඒකට සම්බන්ධ වෙන්න. නමුත් හිටපු ජනාධිපතිවරයෙක් මේ තරම් පහත් තත්ත්වයකට ඇද වැටීම ගැන අපි කණගාටුවට පත් වෙනවා”

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මැතිවරණ කමිටු නියෝජිතයින් පිරිසක් හමුවෙමින් අමාත්‍යවරයා මේ බව සදහන් කරයි.

TRENDING POST