Image

සතියක් තුළ දෙවන වතාවටත් සජිත් ප්‍රේමදාස ප්‍රතික්ෂේප වෙයි

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සහ බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන අතර ඊයේ පැවති සාකච්චාවට ආරාධනා ලැබූ කණ්ඩායමෙන් බහුතරක් නොපැමිණ එය වර්ජනය කිරීම නිසා විපක්ෂ නායකවරයා අපහසුතාවයට ලක්ව ඇතැයි අනාවරණය වේ.

ඊයේ පස්වරු 7 ට ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ, නවරෝහල පාරේ පිහිටි මොනාර්ච් ඉම්පීරියල් හෝටලයේදී පැවැත්වීමට තිබූ මෙම සාකච්චාවට විපක්ෂ නායක කාර්යාලය මගින් සියළුම ලියාපදිංචි විදේශ රැකියා නියෝජිත ආයතන වෙත ඇරයුම් කර ඇත .

ලියා පදිංචි විදේශරැකියා නියෝජිත ආයතන 267 කට ආරාධනා කර තිබුනද සාකච්චාව සඳහා පැමිණ තිබුනේ 30 කටත් අඩු පිරිසකි.

අවසන් මොහොතේ හෝ සාමාජිකයින් පැමිණෙනු ඇතැයි බලාපොරොත්තුවෙන් සිට සජිත් ප්‍රේමදාස එම අවස්ථාවට පැමිණ ඇත්තේ රාත්‍රී 10.30 ට පමණය.

මෙම සාකච්චාවට විදේශ රැකියා නියොජිත ආයතන කැඳවීමේ වගකීම බාරගෙන තිබුනේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සහ හෙක්ටර් අප්පුහාමි විසිනි. සාකච්චාව අසාර්ථක වීම නිසා කෝපයට පත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අලවතුවල මන්ත්‍රීවරයාට සහ හෙක්ටර් අප්පුහාමි මන්ත්‍රීවරයාට බරපතල ලෙස දෝෂාරෝපණය කර ඇතිබව වාර්තාවේ.

විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් සජිත් ප්‍රේමදාසගේ සාකච්චාව වර්ජනය කර කම්කරු සහ විදේශ රැකියා පිළිබද ජනාධිපති උපදේශක මනුෂ නානායක්කාර මහතා සහභාගීවූ සාකච්චාවකට සහභාගී වී තිබේ. බලපත්‍රලාභී විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන්ගේ සංසදය විසින් සංවිධානය කර තිබූ එම සාකච්චාව සදහා විදේශ රැකියා නියෝජිත ආයතන හිමිකරුවන් 160 කට වඩා සහභාගී වී තිබේ.

මීට දින හතරකට පෙර ඉකුත් 18 වනදා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස විසින් සෞඛ්‍ය ක්ෂේස්ත්‍රයේ වෘත්තීය සමිති ක්‍රියාකාරිකයන් කැඳවමින් කොළඹ සම්මේලන සහ ප්‍රදර්ශණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව තිබූ සාකච්චාව ද අවලංගු කරන්නට යෙදුනි. එම සකච්චාව සඳහා 2000 කට ඇරයුම් කර තිබුනද ඊට පමිණ සිටියේ 18 දෙනෙකු පමණක් බව වාර්තා වේ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.