Image

ඉරාජ් ආපු මනුෂගේ ජයගමු ශ්‍රී ලංකා වැඩසටහන ගාල්ලට

කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ සංවිධානයෙන් පැවැත්වෙන ‘ජයගමු ශ්‍රී ලංකා’ ගාල්ල දිස්ත්‍රික් වැඩසටහනේ දෙවැනි දින වැඩසටහන් මාලාව අද (25) උදෑසන ආරම්භවූ අතර තරුණ ප්‍රජාවගේ රැකියා පිළිබඳ ආකල්ප දියුණු කරන, මෙරට සහ එතෙර රැකියාවලදී වත්මන් තාක්ෂණයේ ඇති වැදගත්කම කියා පාන ‘ස්මාට් යූත් ක්ලබ්’ වැඩසටහන උදෑසන පැවැත්විණි.

රැකියා පිළිබඳව උනන්දුව ඇති මූලික අධ්‍යාපනය අවසන් කරන ලද තරුණ පිරිස බොහෝ සංඛ්‍යාවක් වැඩසටහනට සහභාගි වූ අතර ඔවුන් සැමගේ සතුටුදායක ප්‍රතිචාර ඒ සඳහා හිමි විය.

ගාල්ල සමනල ක්‍රීඩාංගනයේ ඊයේ (24) ආරම්භය සනිටුහන් කෙරුණු ‘ජයගමු ශ්‍රී ලංකා’ වැඩසටහන් මාලාවේ පළමු අදියර හැටියට විදේශ රැකියාවල නිරතව සිට මෙරටට පැමිණි ශ්‍රමිකයින් සහ විදේශ රැකියාවල නියැලෙන ශ්‍රමිකයින්ගේ පවුල් සඳහා ප්‍රතිලාභ ලබා දෙන ‘විගමනික ශ්‍රමික හරසර වැඩසටහන’ පැවැත්විණි. එදින ගාල්ල දිස්ත්‍රික් විගමනික සංගම් සාකච්ඡාව, ගරුසරු යන වැඩසටහන් පැවැත්වුණු අතර කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ශ්‍රම වාසනා අරමුදලින් අඩු ආදායම්ලාභී පවුල්වල දරුවන්ට ප්‍රතිලාභ ලබා දෙන ශ්‍රම වාසනා වැඩසටහනද අද දින පැවැත්වීමට නියමිතය.

එම අවස්ථාවට අවස්ථාවට, ගායන ශිල්පී ඉරාජ් වීරරත්න සහ රාජ්‍ය නිලධාරීන්, විගමනික පවුල්වල සාමාජිකයෝ රැසක් සහභාගී වූහ.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.