හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාරට ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් ජනාධිපති උපදේශක තනතුරු ලබාදී ඇත.
ඒ අනුව කම්කරු හා විදේශ රැකියා ජනාධිපති උපදේශක තනතුර මනූෂ නානායක්කාරට ලබාදී ඇති අතර ඊට අදාළ ලිපිය ජනාධිපතිවරයා විසින් යොමු කර ඇත.
පසුගියදා අධිකරණය විසින් ලබාදුන් තීන්දුවකට අනුව මනූෂ නානායක්කාරගේ අමාත්‍ය ධුරය අහිමි විය.