ප්‍රශ්න ගත E8 වීසා ක්‍රමය යොදා ගනිමින් හිටපු කම්කරු සහ විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර අයථා ලෙස මුදල් උපයා ඇතැයි සැක සහිත බවය විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.
මිනිස් ජාවාරමක් ලෙස පවා හැදින්විය හැකි එම ක්‍රමවේදයකට හිටපු මනූෂ නානායක්කාර මැදිහත්වීම ප්‍රශ්න ගත කරුණක් බවත් රැකියා ගිවිසුමක් හෝ නොමැතිව අනීතික අයුරින් ප්‍රශ්නගත E8 වීසා ක්‍රමය පවත්වාගෙන ගොස් ඇති බවද සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කරයි.
සභාපති කෝශල වික්‍රමසිංහ සදහන් කළේ,
“අපි හිතනවා මිනිස් ජාවාරමක් දක්වා තල්ලු වෙච්ච ක්‍රමවේදයකට ඇයි මේ රජය පිළිගත් ඇමතිවරයෙක් තල්ලු වුණේ. විශාල සැක සංකාවක් මතුවෙලා තියෙනවා අපිට ඇමතිවරයා අයථා ලාභයක් ලැබුවා කියලා අපිට සැක කරන්න පුළුවන්.
දැනට අපි ළඟ සාධක නෑ. තොරතුරු අපි එකතු කරමින් සිටිනවා. කණ්ඩායම් ඉන්නවා. නීත්‍යානූකූලව ගන්න පුළුවන් නීතිමය ක්‍රමවේද තියෙනවා. ඔය එක පාර්ශවයක් විතරයි. මේ E8 විතරක් නෙමෙයි මෙතන ප්‍රශ්නය. ප්‍රශ්න ගොඩක් තියෙනවා.”

