Image

“ජය ගමු ශ්‍රී ලංකා” හරහා මිලියන 400ක් හිතවතෙකුට දීලා.. මනූෂට චෝදනා

ජාතික ජන බල­වේ­ගයේ වෘත්තීය සමිති කැඳ­වු­ම්කරු වසන්ත සම­ර­සිංහ මහතා ඊයේ (14) විශේෂ මාධ්‍ය හමුවක් ඇඳවමින් මුදල් වංචාවක් පිළිබඳ කරුණු අනාවරණය කළේය.

ඔහු සඳහන් කළේ කම්කරු සහ විදේශ රැකියා අමාත්‍යාංශය හරහා පසුගිය සමයේ ක්‍රියාත්මක වූ “ජය ගමු ශ්‍රී ලංකා” දීප ව්‍යාප්ත විදේශ රැකියා ප්‍රවර්ධන ප්‍රදර්ශනය හරහා හිටපු අමාත්‍ය මනූෂ නානායක්කාර විසින් මිලියන 400 කට අධික රාජ්‍යය මුදල් අවභාවිතා කර ඇති බවයි.

දීප ව්‍යාප්තව සංවිධානය කළ එම වැඩසටහනේ ප්‍රදර්ශන කුටි සකස් කිරීම සඳහා ලබාදුන් සමාගම කිසිදු ටෙන්ඩර් කැඳවීමකින් තොරව හිතවත්කම මත තෝරාගෙන ඇති බවයි.

එමෙන්ම එම සමාගම සඳහා විදේශ රැකියා අමාත්‍යාංශය හරහා චෙක් පත් මඟින් මුදල් ගෙවා ඇති අතරන් එම චෙක්පත් එක් දිනක් ඇතුළත මුදල් කර ඇති බව සමරසිංහ මහතා පවසයි.

ඔහු වැඩිදුරටත් පවසා සිටියේ එම මුදල් බැර වූ ස්ථාන මේ වන විටත් සොයාගෙන ඇති අතර කඩිනමින් ඒ සම්බන්ධව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිලි කරනා බවයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.