Image

ඡන්ද ඉල්ලා ගමට එන උන්ට අසූචි ප්‍රහාර.. ගම්වාසීන් අසූචි මලු රැගෙන පාර රකිති.!

මාතලේ – නාඋල , අදාවල ගම්මානයේ ගම්වාසීන් එක්ව මෙවර ජනාධිපතිවරණට ඡන්දය ඉල්ලා ගමට පැමිණෙන පිරිසට අසුචි ප්‍රහාර එල්ල කිරීමට සැරසී සිටිති.

ඒ බව දන්වමින් දැන්වීමක්ද ප්‍රදර්ශනය කර ඇත.

ගම්වාසින් කියා සිටින්නේ වසර ගණනාවක් තිස්සේ සිය ගම්මානයට පැමිණි දේශපාලකයින් විවිධ බොරු පොරොන්දු ලබාදෙමින් කටයුතු කල බවත් මේ වන තෙක් ඔවුන් ලබාදුන් පොරොන්දු ඉටුවී නැති බැවින් සියලුම ගම්වාසීන් එක්ව මෙම තීරණය ගත් බවයි.

තම ගම්මානයයේ මාර්ග පද්ධතිය, වගාබිම් වල ගැටළු ආදී දුෂ්කරතා රැසක් වසර ගනනාවක් තිස්සේ දේශපාලනඥයින්ගේ බොරු පොරොන්දුවල නිජ බිමක් වී ඇති බව පවසන ගම්වාසීන් පොරොන්දු කැඩූ දේශපාලකයින්ට සිය ගම්මානයට නොපැමිණෙන ලෙසත් එසේ පැමිණියහොත් අසූචි ගසා පන්නා දමන බවත් පවසති.

TRENDING POST