Image

ලබන වසරේ රෝහල්වල ඖෂධ හිඟ වෙයි

ප්‍රසම්පාදනය ආරම්භ කර නොමැති නිසා ලබන වර්ෂය (2025) සඳහා මෙරට රෝහල් පද්ධතියේ උග්‍ර ඖෂධ හිඟයක් ඇති විය හැකි බව, සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ජී.ජී. චමල් සංජීව මහතා පවසයි.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ සපයා ගැනීමට ඇස්තමේන්තු සකස් කර අදාළ ආයතන සඳහා යොමු කිරීමේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය මෙතෙක් ආරම්භ කර නැතැයි ද හෙතෙම පෙන්වා දෙයි.

එබැවින් ලබන වර්ෂයට අවශ්‍ය ඖෂධ නිෂ්පාදනයට සැපයුම්කරුවන් සහ නිෂ්පාදකයන් මේ වන තුරු කටයුතු ආරම්භ කර නැතැයි ද ඒ මහතා කියා සිටී.

මෙරටට ඖෂධ සපයන විදේශ නිෂ්පාදකයන් සිය කටයුතු ආරම්භ කිරීම සඳහා රජය ඇණවුම් ලබාදෙන තෙක් බලා සිටීම හේතුවෙන් ලබන වර්ෂයේ දැඩි ඖෂධ හිඟයක් ඇතිවීමේ වැඩි ඉඩක් පවතින බවද විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

TRENDING POST