Image

ජනතාවගේ ජීවිත අනතුරේ.. බාල බෙහෙත් 500ක් රටපුරා.!

ප්‍රමිතියෙන් තොර ඖෂධ පන්සියයකට ආසන්න සංඛ්‍යාවක් රටපුරා සංසරනය වන බවත් ඒ හේතුවෙන් රෝගී ජනතාවගේ ජීවිත දැඩි අවදානමට ලක්ව ඇති බව වාර්තා වේ.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ලියාපදිංචි සහතිකය නොමැතිව එම ඖෂධ බෙදාහරින බවත් රජයේ රෝහල් විසින් හදිසි මිලදීගැනීම් වලින් සියයට 40ක ප්‍රමාණයක මෙරට ලියාපදිංචි වී නැති ඖෂධ දක්නට ඇති බව රෝහල් ආරංචි මාර්ග වාර්තා කරයි.

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිසිලෙස නැවත ලියාපදිංචි කිරීම සහ නව ලියාපදිංචි ඖෂධවල සහතිකපත් අදාළ සමාගමට ලබාදීමට ප්‍රථමයෙන් ප්‍රධාන විධායක නිලධාරියා අන්තනෝමතික ලෙස මිල නියාමන කිරීම මෙම තත්වයට හේතුවී ඇති බවද වාර්තා වේ.

රජයේ රෝහල් අධ්‍යක්ෂවරුන් බොහෝ අය ඖෂධ සමාලෝචන රැස්වීමේදී මෙම කරුණු සෞඛ්‍ය ප්‍රධානීන්ට පෙන්වා දී ඇත.

ඖෂධ නියාමන අධිකාරිය මාෆියා මූලස්ථානයක් බවට පත්ව ඇති බවත් එහි විධායක නිලධාරීන් හැසිරෙන්නේ ‌පෞද්ගලික බූදලයක් අතට ගත් පිරිසක් ලෙසට බව ‌කොළඹ ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය රුක්ෂාන් බෙල්ලන සදහන් කරයි.

TRENDING POST

This error message is only visible to WordPress admins

Cannot collect videos from this channel. Please make sure this is a valid channel ID.

Error: No videos found.

Make sure this is a valid channel ID and that the channel has videos available on youtube.com.