Image

අට වන ජනපති විකිණීමට ගිය මිල්කෝහි ආදායම් වාර්තා තැබූ නම වන ජනපති.!

අධික පාඩු ලැබීම මත පසුගිය ජනපතිවරයාගේ පාලන කාලය තුළ විකිණීමට ලන්සු කැදවූ මිල්කෝ ආයතනය වත්මන් ජනපති අනුර දිසානායක මහතා විසින් පත්කළ ඉහළ කළමනාකාරීත්වය යටතේ පසුගිය මාසය තුළ මෙතෙක් ලැබූ ඉහළම පිරිවැටුම වාර්තා කළ බව එහි සභාපති පී.එච්.වී.ගෝඨාබය මහතා පවසයි.

මිල්කෝ සමාගය පසුගිය මාසය තුළ ඒ අනුව රුපියල් මිලියන 2000 ඉලක්ක ගත අලෙවියක් සම්පූර්ණ කර ඇත.

එමෙන්ම මිල්කෝ ආයතනය නව සැළසුම් කිහිපයක් යටතේ ග්‍රාමීය ආර්ථිකය ශක්තිමත් කරමින් පාරිභෝගික ජනතාවට ප්‍රමිතියෙන් යුත් කිරි නිෂ්පාදන ලබාදීමට අවශ්‍ය පියවර රැසක් ගෙන ඇතිබවද සඳහන්.

සභාපතිවරයා පැවසූවේ මිල්කෝ ආයතනය බාර ගන්නා විට මූල්‍යමය අතින් ඉතා අසීරු තත්වයක තිබූ බවත් මසක් ඇතුලත මෙවැනි ඉලක්කයක් සම්පූර්ණ කිරීමට ලැබීම විශාල ජයග්‍රහණයක් බවයි.

TRENDING POST